Muthu Sewwemi Muthuda Hamu Wuna Song Lyrics - මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා ගීතයේ පද පෙළ

Muthu Sewwemi Muthuda Hamu Wuna Song Lyrics - මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා ගීතයේ පද පෙළ
Song Title : Muthu Sewwemi Muthuda Hamu Wuna (මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
ගී පද : කරුණාරත්න අබේසේකර


මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා
මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා
රන් සෙව්වෙමි රන් ද හිමි වුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ //

මල් පැතුවෙමි මල් ද පිබිදුණා
පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා //
රස පැතුවෙමි රස ද වැටහුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ

මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා
මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා
රන් සෙව්වෙමි රන් ද හිමි වුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ

නිල්බර සඳ පතා පල නැතේ
බැබලෙන තරු පතා පල නැතේ //
කිඳුරු ලියන් පතා පල නැතේ
පතන එකම එක වස්තුව ඔබය පිය කතේ
පතන එකම එක වස්තුව ඔබය පිය කතේ

මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා
මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා
රන් සෙව්වෙමි රන් ද හිමි වුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment