Kowula Wage Love Sinduma Song Lyrics - කොවුලා වගේ ලව් සින්දුම ගීතයේ පද පෙළ

Kowula Wage Love Sinduma Song Lyrics - කොවුලා වගේ ලව් සින්දුම ගීතයේ පද පෙළ
Song Title : Kowula Wage Love Sinduma (කොවුලා වගේ ලව් සින්දුම)
ගායනය : එම්. එස්. ප්‍රනාන්දු


කොවුලා වගේ
කොවුලා වගේ ලව් සින්දුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං
පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං

මුට්ටිය ඉවර කෙරුවෙ ගහ මුලදිම මං
බෝතලේ ඇරපුවාම චියර් කෙරුවේ මං
රෑ දවල් ගතවුණාම සැලකුවේ නෑ මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

කොවුලා වගේ
කොවුලා වගේ ලව් සින්දුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං
පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං

ජොබ් එක සංස්ථාවෙ ඩෝන්ට් කෙයාර් මං
නිවාඩු නැත්තං මෙඩිකල් දාපු එකා මං
ඕවර් ටයිම් කිසි දවසක කරලම නෑ මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

කොවුලා වගේ
කොවුලා වගේ ලව් සින්දුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං
පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං

නයින් තර්ටි ෂෝ එකම බලපු එකා මං
ලයින් එකේ තැනක් තියන් හිටපු එකා මං
සීන් එකේ කොහේ බැලුවත් පෙනුණ එකා මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

කොවුලා වගේ
කොවුලා වගේ ලව් සින්දුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං
පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment