Muthu Kandulayi Sina Podai Song Lyrics - මුතු කඳුලයි සිනා පොදයි ගීතයේ පද පෙළ

Muthu Kandulayi Sina Podai Song Lyrics - මුතු කඳුලයි සිනා පොදයි ගීතයේ පද පෙළ
Song Title : Muthu Kandulayi Sina Podai (මුතු කඳුලයි සිනා පොදයි)
ගායනය : චන්දන ලියනාරච්චි


මුතු කඳුලයි සිනා පොදයි
එක්තැන් වන දිනක
ප්‍රේම ගඟේ පහන් ටැඹක්
දැල්වේවා නිබඳ

සිතුම් පැතුම් ගොළු වී ගිය
මහ උළු ගෙයි කොනක
අකුරු කලා හිතේ ගින්න
ප්‍රේමියෙ නුඹෙ නමට
අකුරු කලා හිතේ ගින්න
ප්‍රේමියෙ නුඹෙ නමට

සඳුළුතලේ අපූරුවට
මා දුටු රුව කොහෙදෝ
මැදුරේ යහනකට වෙලා
කඳුළු බිබී ඇතිදෝ

සිපිරි ගෙදර දොර සිදුරෙන්
ලොව බලන්න බැරිදෝ
සඳ දැක්කම මතක් වෙන්නෙ‍
ඔයයි පුංචි මැණිකෝ

කළ වරදක් හිතේ නැතත්
හිස නමන්න හිතුණා
රැහැණින් බැඳ හිතට හිතක්
වෙන් කරන්න බැරුවා

පව් පැතුවෝ ආදරයේ
සුවඳ මලක් තැළුවා
බිත්ති හතර බිඳගෙන හරි
ඔබ බලන්න එනවා


මුතු කඳුලයි සිනා පොදයි
එක්තැන් වන දිනක
ප්‍රේම ගඟේ පහන් ටැඹක්
දැල්වේවා නිබඳ

සිතුම් පැතුම් ගොළු වී ගිය
මහ උළු ගෙයි කොනක
අකුරු කලා හිතේ ගින්න
ප්‍රේමියෙ නුඹෙ නමට
අකුරු කලා හිතේ ගින්න
ප්‍රේමියෙ නුඹෙ නමට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment