Mude Yamu Masun Genenna Song Lyrics - මූදේ යමු මසුන් ගෙනෙන්න ගීතයේ පද පෙළ

Mude Yamu Masun Genenna Song Lyrics - මූදේ යමු මසුන් ගෙනෙන්න ගීතයේ පද පෙළ
Song Title : Mude Yamu Masun Genenna (මූදේ යමු මසුන් ගෙනෙන්න)
ගායනය : වොලී බැස්ටියන්ස්
පද : වොලී බැස්ටියන්ස්
සංගීත නිර්මාණය : වොලී බැස්ටියන්ස්

සැඩ සුළං හමන්නේ
සැර විදුලි කොටන්නේ
පට පට ගාලා හෙණ ගෙඩි පුපුරන්නේ
රැල්ල නැගෙන්නේ වැල්ලේ හැපී බිඳෙන්නේ
ඔරුවෙ රුවල හැකිලී යන්නේ

මූදේ යමු මසුන් ගෙනෙන්න
වතුරේ ඔරුව දියත් කරන්න

අඹු දරු රැක ඉන්න අපට මාළු ලබා දෙන්න දෙවියනේ
අප රැක ගන්න ....//

කලුවර වැටුණේ අවට අඳුර පැතුරුණේ
ඈත තාරකා අන්න සැඟවි බලන්නේ
පොල් ගහ මුදුනේ හෙමින් බස්සා හඬන්නේ
මගේ හිතට බය ඇතිවන්නේ

මූදේ යමු මසුන් ගෙනෙන්න
වතුරේ ඔරුව දියත් කරන්න

අඹු දරු රැක ඉන්න අපට මාළු ලබා දෙන්න දෙවියනේ
අප රැක ගන්න ....//

භයානකයි මූදූ යන අපගෙ ජීවිතේ
දිය රකුසා බලා ඉඳී යන යන පැත්තේ
දිය රැල් මත්තේ ඔරුව සැලෙයි දෙපැත්තේ
උදව්වකට කෙනෙක් නොමැත්තේ

මූදේ යමු මසුන් ගෙනෙන්න
වතුරේ ඔරුව දියත් කරන්න

අඹු දරු රැක ඉන්න අපට මාළු ලබා දෙන්න දෙවියනේ
අප රැක ගන්න ....//

වාරකන් නිසා වෙරළේ අඬ අඬ ඉන්න
දරු පවුලක් දමා යනව මසුන් ගෙනෙන්න
මුකුත් නොදන්න උන්ගේ දිවි රැක ගන්න
අපට ලැබෙයි යහතින් එන්න

මූදේ යමු මසුන් ගෙනෙන්න
වතුරේ ඔරුව දියත් කරන්න

අඹු දරු රැක ඉන්න අපට මාළු ලබා දෙන්න දෙවියනේ
අප රැක ගන්න ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment