Mathakayi Amme Song Lyrics - මතකයි අම්මේ ගීතයේ පද පෙළ

Mathakayi Amme Song Lyrics - මතකයි අම්මේ ගීතයේ පද පෙළ
Song Title : Mathakayi Amme (මතකයි අම්මේ)
ගායනය : වොලී බැස්ටියන්ස්
පද : වොලී බැස්ටියන්ස්
සංගීත නිර්මාණය : වොලී බැස්ටියන්ස්


ලේ කිරි කරලා ඔබ මට පෙව්වා
මා පොඩි දරුවා එය රස කර බිව්වා
මා පොඩි දරුවා එය රස කර බිව්වා
ලේ කිරි කරලා ඔබ මට පෙව්වා

රෑ දාවල් ඔබ නොනිදා උන්නේ
මා හින්දා දුක් විඳි බව දන්නේ
මා හින්දා දුක් විඳි බව දන්නේ
රෑ දාවල් ඔබ නොනිදා උන්නේ

මතකයි අම්මේ ඔබෙ දරු නැළවිල්ල
පොඩි කාලෙ මාව පදවාපු තොටිල්ල .....//

තුරුලු කරන් මා සැනසුම සෙවුවේ
රස ගී කියලා නිතර නැළෙව්වේ
රස ගී කියලා නිතර නැළෙව්වේ
තුරුලු කරන් මා සැනසුම සෙවුවේ

පොඩියක්වත් නෑ මට අඬන්න දුන්නේ
ඉහළට ඔසවා මා නළවන්නේ
ඉහළට ඔසවා මා නළවන්නේ
පොඩියක්වත් නෑ මට අඬන්න දුන්නේ

මතකයි අම්මේ ඔබෙ දරු නැළවිල්ල
පොඩි කාලෙ මාව පදවාපු තොටිල්ල .....//

පුතේ නුඹේ අම්මා කිරට ගියාලූ
කිරි මුට්ටිය ඇගේ ගඟේ ගියාලූ
කිරි මුට්ටිය ඇගේ ගඟේ ගියාලූ
පුතේ නුඹේ අම්මා කිරට ගියාලූ

මාව සනසා මූණ ද සිඹලා
මාව නැළෙව්වා දොයි දොයි කියලා
මාව නැළෙව්වා දොයි දොයි කියලා
මාව සනසා මූණ ද සිඹලා

මතකයි අම්මේ ඔබෙ දරු නැළවිල්ල
පොඩි කාලෙ මාව පදවාපු තොටිල්ල .....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment