Mitin Muda Hara Baluwemi Song Lyrics - මිටින් මුදා හැර බැලුවෙමි ගීතයේ පද පෙළ

Mitin Muda Hara Baluwemi Song Lyrics - මිටින් මුදා හැර බැලුවෙමි ගීතයේ පද පෙළ

Mitin Muda Hara Baluwemi Song Lyrics - මිටින් මුදා හැර බැලුවෙමි ගීතයේ පද පෙළ
Song Title : Mitin Muda Hara Baluwemi (මිටින් මුදා හැර බැලුවෙමි)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ නිර්මලා රණතුංග
පද : රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව : විජේරත්න රණතුංග


මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී
සමුගෙන ගොස් යළි හැරුණෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී ...//

සැඟෙව්වාට වලාකුළක් දුහුලින්
කලා සපිරි සඳ වැසුණාදෝ
හමා ගියද මාරුතයක්
සුළඟට තරු එළියත් නිවී යාවිදෝ

මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී
සමුගෙන ගොස් යළි හැරුණෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී

ගරා වැටෙන මහ වැස්සට සේදී
මලෙක පැහැය දියව යාවිදෝ
සමුගන්නට සිදු වූවත්
අපට දැනුන සුවඳ මැකී යාවිදෝ

මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී
සමුගෙන ගොස් යළි හැරුණෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment