Maha Merak Lesa Song Lyrics - මහා මෙරක් ලෙස ගීතයේ පද පෙළ

Maha Merak Lesa Song Lyrics - මහා මෙරක් ලෙස ගීතයේ පද පෙළ
Song Title : Maha Merak Lesa (මහා මෙරක් ලෙස)
ගායනය : නිර්මලා රණතුංග
පද : දයා ද අල්විස්
තනුව : වික්ටර් රත්නායක


මහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ ...//

මහා සයුර ලෙස මා හිතුවේ
පෙණ බුබුලක් සේ ඔබ දුටු දේ ...//
විසල් දෙරණ ලෙස මා දුටු දේ
පිණි කඳුළක් මෙනි ඔබ හිතුවේ
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ

සඳ මඬලක් සේ මා දුටු දේ
ගිණි පුපුරක් මෙනි ඔබ දුටුවේ ...//
ජීවිතයම ලෙස මා පැතු දේ
එක් මොහොතක් විය ඔබ හමුවේ
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ

මහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment