Kurullane Numbalage Santhosaya Song Lyrics - කුරුල්ලනේ නුඹලගේ සංතෝසය ගීතයේ පද පෙළ

Kurullane Numbalage Santhosaya Song Lyrics - කුරුල්ලනේ නුඹලගේ සංතෝසය ගීතයේ පද පෙළ
Song Title : Kurullane Numbalage Santhosaya (කුරුල්ලනේ නුඹලගේ සංතෝසය)
ගායනය : ඉන්ද්‍රාණි පෙරේරා, ත්‍රී සිස්ටර්ස්
සංගීතය : සරත් දසනායක
ගී පද : කරුණාරත්න අබේසේකර


කුරුල්ලනේ නුඹලගේ සංතෝසය
මදකට අපට දියව්
විසල් වනේ හොඳ ලස්සන තැනකට
පිවිසෙන අයුරු කියව් //

කෝටු කෑළී දර පිදුරු ගෙනත්
ඔය කැදැල්ල බඳින නියා
නුඹලයි දන්නේ අප දන්නේ නැත
කොයි විලසටද කියා
කොයි විලසටද කියා

කුරුල්ලනේ නුඹලගේ සංතෝසය...

කිචි බිචි ගාමින් ගී හඬ පතුරන
ඉඳගෙන එක අත්තේ
සමගිය සාමය පිළිබඳ පාඩම
කොහොමද දැන ගත්තේ
කොහොමද දැන ගත්තේ

කුරුල්ලනේ නුඹලගේ සංතෝසය...

පියපත් සලලා නිසිතැන් බලලා
කොයිබද ඉගිලෙන්නේ
කවුරුද නුඹලා ගයනා ගීතෙට
තනුව සදා දුන්නේ
තනුව සදා දුන්නේ

කුරුල්ලනේ නුඹලගේ සංතෝසය
මදකට අපට දියව්
විසල් වනේ හොඳ ලස්සන තැනකට
පිවිසෙන අයුරු කියව් //

විසල් වනේ හොඳ ලස්සන තැනකට
පිවිසෙන අයුරු කියව් ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment