Eka Dawasak Song Lyrics - එක දවසක් ගීතයේ පද පෙළ

Eka Dawasak Song Lyrics - එක දවසක් ගීතයේ පද පෙළ
Song Title : Eka Dawasak (එක දවසක්)
ගායනය : ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය : ක්ලැරන්ස් පෙරේරා
සංගීතය : ක්ලැරන්ස් පෙරේරා


එක දවසක් මම දුටුවා
තව දවසක් මුණ ගැසුණා
දෙතොල සැළී බිඳුණු හඬින්
ඔබ කී දේ... මට සිහි නෑ...//

සඳළු තලේ සිටියා බලා
ඔබ එනවා මග බලලා
දුරකථනේ මට පිහිට වුණේ
මී බිඳු මාගේ සවන පිරේ

එක දවසක් මම දුටුවා
තව දවසක් මුණ ගැසුණා
දෙතොල සැළී බිඳුණු හඬින්
ඔබ කී දේ... මට සිහි නෑ...//

කවදා කෙසේ හමුවේවිදෝ
සිහින ලොවේ ළං වෙමුදෝ
රහසේ බැඳී ඒ අප ආදරේ
මහදේ තියේවී නැතිවී නොයේ

එක දවසක් මම දුටුවා
තව දවසක් මුණ ගැසුණා
දෙතොල සැළී බිඳුණු හඬින්
ඔබ කී දේ... මට සිහි නෑ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
4

0 comments:

Post a Comment