Dawase Pahan Niwa Song Lyrics - දවසේ පහන් නිවා ගීතයේ පද පෙළ

Dawase Pahan Niwa Song Lyrics - දවසේ පහන් නිවා ගීතයේ පද පෙළ

Dawase Pahan Niwa Song Lyrics - දවසේ පහන් නිවා ගීතයේ පද පෙළ
Song Title : Dawase Pahan Niwa (දවසේ පහන් නිවා)
ගායනය : සමන් ද සිල්වා සහ මාලිනී බුලත්සිංහල
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


දවසේ පහන් නිවා හිරුද නිදැල්ලේ
වැටකේ වැටට උඩින් මුහුදෙ ගිලෙන්නේ
ළඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

රත්තී බැඳපු තැනින් ලිහා ගෙනෙන්නේ
අඳුරේ අපට හුරුයි ගම නෙ උපන්නේ
අපි නෑ සඳට අඬන්නේ
අඳුරේ එළිය දකින්නේ

අද නෑ පෝය දිනේ විලස සඳේ එළිය මෙහේ
තනිවෙයි නේද නඟේ තනිය මකා ගන්නෙ කෙසේ
ඉපදී මියෙන තුරා ඉන්නෙ ලොවේ තනිවම නේ
කම් නෑ තනිය හොඳා නුහුරු හැඟුම් සිතට නො ඒ
ළඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

දවසේ පහන් නිවා හිරුද නිදැල්ලේ
වැටකේ වැටට උඩින් මුහුදෙ ගිලෙන්නේ
ළඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

තනිවී නොයනු නඟේ ඉන්න මෙමා එනුද නඟේ
නැතිදෝ සිතට නුඹේ දැණුනෙ තවත් මිහිර පෙමේ
කුඹුරේ කමතෙ ගමේ නාන තොටේ හතර වටේ
පැතිරේ නේක කතා එන්න එපා පිං සිදුවේ
ළඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

දවසේ පහන් නිවා හිරුද නිදැල්ලේ
වැටකේ වැටට උඩින් මුහුදෙ ගිලෙන්නේ
ළඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

අපි නෑ සඳට අඬන්නේ
අඳුරේ එළිය දකින්නේ

ළඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment