Supem Hangum Oben Epa Song Lyrics - සුපෙම් හැඟුම් ඔබෙන් එපා ගීතයේ පද පෙළ

Supem Hangum Oben Epa Song Lyrics - සුපෙම් හැඟුම් ඔබෙන් එපා ගීතයේ පද පෙළ
Song Title : Supem Hangum Oben Epa (සුපෙම් හැඟුම් ඔබෙන් එපා)
ගායනය : ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර
ගී පද : කපිල කුමාර කාලිංග
සංගීතය : රෝහණ වීරසිංහ


සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා...

දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා.../

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි මා ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment