Dalwoo Pahan Song Lyrics - දැල්වූ පහන් ගීතයේ පද පෙළ

Dalwoo Pahan Song Lyrics - දැල්වූ පහන් ගීතයේ පද පෙළ
Song Title : Dalwoo Pahan (දැල්වූ පහන්)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර, චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
“රේඛා“ ටෙලිනාට්‍යයේ ගීතයක්


දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

විරහී හඳින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා

දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment