Sanda Kinithi Nami Song Lyrics - සඳ කිණිති නැමී ගීතයේ පද පෙළ

Sanda Kinithi Nami Song Lyrics - සඳ කිණිති නැමී ගීතයේ පද පෙළ
Song Title : Sanda Kinithi Nami (සඳ කිණිති නැමී)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : යමුනා මාලනී පෙරේරා


සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබ නෙතට එබී මගේ නෙතද සදා
සොයයි සේයාව මගේ //

සසළ නොවී විල තිබෙන තුරා
දිළෙයි සඳ දියට යටින්
සසළ වෙලා දිය කැළඹුණු දා
බිඳෙයි සඳ කැබිළි පිටින්

සඳ කිණිති නැමී විල් දියට එබී...

සසළ නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසර පුරා සැරිසරන තුරා
බලමි ලොව ඔබේ නෙතින්

සඳ කිණිති නැමී විල් දියට එබී...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment