Rosi Mage Rosi Song Lyrics - රෝසී මගේ රෝසී ගීතයේ පද පෙළ

Rosi Mage Rosi Song Lyrics - රෝසී මගේ රෝසී ගීතයේ පද පෙළ
Song Title : Rosi Mage Rosi (රෝසී මගේ රෝසී)
ගායනය : අනිල් භාරතී


රෝසී මගේ රෝසී
රෝස මලේ ඔයා ලස්සනයි
ඔබ වේ මා රෝසී
කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
ඔයාව රජ මැදුරට කැඳවාගෙන යන්නම්
ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
මුව කමළ සිඹින්නම්
සිප සිප සුවඳ බලන්නම්
මලේ හරිම හැඩයි බඹරු නටයි
රුං රුං රුං

රෝසී මගේ රෝසී
රෝස මලේ ඔයා ලස්සනයි
ඔබ වේ මා රෝසී
කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
ඔයාව බුදු මැදුරට කැඳවාගෙන යන්නම්
ඔයාව බුදු සමිඳුගේ පාමුල රඳවන්නම්
අනෙ කොහොම උනත් මං
ඔයාට හිමි තැන දෙන්නම්
මලේ හරිම හැඩයි බඹරු නටයි
රුං රුං රුං

රෝසී මගේ රෝසී
රෝස මලේ ඔයා ලස්සනයි
ඔබ වේ මා රෝසී
කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
ඔයා මගේ නිවසට කැඳවාගෙන යන්නම්
ඔබේ මුව පෙති වල සුවඳින් මත් වෙන්නම්
යහන් ගැබ සරසන්නම්
අගේ කර කර ඉන්නම්
මලේ හරිම හැඩයි බඹරු නටයි
රුං රුං රුං

රෝසී මගේ රෝසී
රෝස මලේ ඔයා ලස්සනයි
ඔබ වේ මා රෝසී
කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
ඔයාව රජ මැදුරට කැඳවාගෙන යන්නම්
ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
මුව කමළ සිඹින්නම්
සිප සිප සුවඳ බලන්නම්
මලේ හරිම හැඩයි බඹරු නටයි
රුං රුං රුං //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment