පනිල් කට්ලට් හදන හැටි (Panil Cutlet)

පනිල් කට්ලට් (Panil Cutlet) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

ෆිලින්ග්(පිරවීමට) එකට අවශ්‍ය ද්‍රව්‍ය 
  • පොඩි කරගත් පනීර් කෝප්ප 2
  • තම්බාගත් අල කෝප්ප 1
  • චොප්කරගත් රතුළූණු ගෙඩි 2-3
  • ග්‍රේට් කරගත් කැරට් අල 1
  • චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
  • චොප්කරගත් අමුමිරිස් කරල් 1
  • චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
  • මිරිස්කුඩු තේ හැඳි 1
  • ගරම් මසාලා තේ හැඳි 1/2
  • ලුණු රස අනුව
  • කෝන්ෆ්ලා මේස හැඳි 2
බැටර් එකට අවශ්‍ය ද්‍රව්‍ය 
  • කෝන්ෆ්ලා කෝප්ප 1/4
  • පාන්පිටි මේස හැඳි 2
  • ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2
  • ලුණු තේ හැඳි 1/2
  • කට්ලට් එක සෑදීමට
  • බිස්කට් කුඩු ග්‍රෑම් 100
  • බැදීමට තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ෆිලින්ග් එකට අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම කලවම් කරලා සොෆ්ට් මිශ්‍රණයක් හදාගන්න.
  2. බැටර් එකට අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම කලවම් කරලා වතුර ටික ටික එකතු කරමින් තික් බැටර් එකක් හදාගන්න.
  3. දැන් ෆිලින්ග් එකෙන් ටික ටික අරගෙන පොඩි බෝල හදලා බැටර් එකේ දාලා බිස්කට් කුඩු තවරගන්න.
  4. ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න.

ලේඩි බර්ඩ්
පනිල් කට්ලට් (Panil Cutlet) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment