Hiru Ipadena Wita Song Lyrics - හිරු ඉපදෙන විට ගීතයේ පද පෙළ

Hiru Ipadena Wita Song Lyrics - හිරු ඉපදෙන විට ගීතයේ පද පෙළ
Song Title : Hiru Ipadena Wita (හිරු ඉපදෙන විට)
ගායනය : අනිල් භාරතී
සංගීතය : ලක්ප්‍රිය ද සිල්වා
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


හිරු ඉපදෙන විට නෙළුම් පිපෙන ලෙස
මට ඔබ විශ්වාසයි
බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස
මට ඔබ විශ්වාසයි //

දෙදෙනා බැඳී පෙම දෙදෙනා සුරකින
බව මට විශ්වාසයි
අවිහිංසක ඔබ මට හිංසාවක්
නොකරනු විශ්වාසයි
අතැඟිලි පටලා බැදගත් අත්වැල
නොබිඳිනු විශ්වාසයි
සඳකඩ පහනක් ලෙස මා පා යුග
සිපගනු විශ්වාසයි

හිරු ඉපදෙන විට...

අපමණ බාධා ආවත් ඔබ මට
ගැති බව විශ්වාසයි
කාට අකීකරු වූවත් මට කීකරු
වනු විශ්වාසයි
මා හරි දිලිඳුයි පොහොසත් නොම වෙයි
එකත් විශ්වාසයි
රජ ඉසුරට ඔබ ලොබ වී මා හැර
යයිද අවිශ්වාසයි

හිරු ඉපදෙන විට නෙළුම් පිපෙන ලෙස
මට ඔබ විශ්වාසයි
බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස
මට ඔබ විශ්වාසයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment