කන්ඩෙන්ස්ඩ් මිල්ක් වෝෆල්ස් (Condensed Milk Waffles)

කන්ඩෙන්ස්ඩ් මිල්ක් වෝෆල්ස්  (Condensed Milk Waffles) - Your Choice Way
මං අද උදේට කන්න කඩල තැම්බුවත් මගේ පුංචි සුරංගනා වියට කඩල නැතුව waffles කන්න ඕන වෙලා...සාමාන්‍යයෙන් මං සති අන්තයේ එයාලා ආස විදිහට උදේ කෑම ලෑස්ති කලත් සතියේ දවස් වලදීනම් එයාලගේ පෝෂණ පැත්තට වැඩි බරක් දීලා තමයි උදේකෑම හදන්නේ ඉතිං සතියේ දවස් දෙකක් හෝ තුනක් උදේ කෑමට ධය්‍ය වර්ග එකතු කරනවාමයි. ඒත් අද කඩල තිබුනත් එයාවෙනුවෙන්ම ඉතිං මේ waffles හැදුවා ...කළබලේ හැදුව නිසා පියවරෙන් පියවර පිංතූර ගෙනාවෙනම් නෑ....

✅ අවශ්‍ය ද්‍රව්‍ය: 

  • ඕල්පපස් පිටි කප් 1 1/2
  • කන්ඩෙන්ස්ඩ් කිරි කප් 1/4
  • බිත්තර 1
  • ෆ්‍රෙශ් කිරි කප් 1
  • යෝගට් කප් 1/4
  • කෝන් පිටි මේසහැදි 4
  • බේකින් පවුඩර් තේහැදි 1
  • බේකින් සෝඩා තේහැදි 1/4
  • දියකරගත් බටර් 1/4
  • ලුනු තේහැදි 1/2
  • වැනිලා තේහැදි 1

✅ සාදන ආකාරය :

  1. මුලින්ම ලොකු බෝල් එකක් ගෙන ඕල්පපස් පිටි, කෝන් පිටි, බේකින් පවුඩර් , බේකින් සෝඩා හා ලුනු දමා හොඳින් කළවම් කරන්න. 
  2. පසුව වෙනමම බෝල් එකකට  බිත්තර දමා එයට කිරි දමා ඉතාහොදින් මිශ්‍ර කරන්න. 
  3. දැන් පිටි මිශ්‍රණයට  යෝගට් හා දියකරගත් බටර් දමා හොඳින් කළවම් කර පසුව කිරි මිශ්‍රණයෙන් ටික ටික දමමින් විස්ක් එකෙන් හොඳින් කළවම් කරමින් බැටර් එක සාදාගන්න. 
  4. අවසානයේ වැනිලා ටිකද එක්කර කළවම් කරන්න.පසුව waffles maker එකට  මිශ්‍ර දමා සාදාගන්න.(සැන්විච් ටෝස්ට් එකට ආපු වෝෆල් තැටි දෙක දාලා සැන්විච් ටෝස්ට එක භාවිතා කරලා මං හැදුවේ ) 
  5. වෝෆ්ල්ස් උඩින් මීපැණි හෝ මේබල් සිරප් දමා එයට උඩින් අයින් ශුගර් දමා ස්ට්‍රෝබෙරි සමඟ කෑමට ගැනීමෙන් එහි රසය තවත් වැඩිවේ. 

Craft of Spice & Sweet

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment