Thuru Lapalu Lathawo Song Lyrics - තුරු ලපලු ලතාවෝ ගීතයේ පද පෙළ

Thuru Lapalu Lathawo Song Lyrics - තුරු ලපලු ලතාවෝ ගීතයේ පද පෙළ
Song Title : Thuru Lapalu Lathawo (තුරු ලපලු ලතාවෝ)
ගායනය : වික්ටර් රත්නායක
තනුව : එච්. එම්. ජයවර්ධන
පද : හැරී විමලසේන


තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ
සීතල මේ නිහඬ රෑ
ආදර විහඟුන් බලා
තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ

සිතුම් විමානේ සසල කලා වූ
පෙම් හැඟුමන් පිබිදී
මහද පුබුදු කල ආදර ගීතය
නැවුම් ලොවක පාවී
සවනට මාගේ කොඳුරන්න
නයනාවියේ

තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ
සීතල මේ නිහඬ රෑ
ආදර විහඟුන් බලා
තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ

ජීවිත උයනේ විකසිත කුසුමන්
සුවඳින් මහද සැලේ
නෙතුකැන් පිබිදී තරුමල් දිලිසී
දිවි මග එලිය දිදී
සවනට මාගේ කොඳුරන්න
නයනාවියේ

තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ
සීතල මේ නිහඬ රෑ
ආදර විහඟුන් බලා
තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment