Nilambare Kalum Piri Sara Sanda Wage Song Lyrics - නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ ගීතයේ පද පෙළ

Nilambare Kalum Piri Sara Sanda Wage Song Lyrics - නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ ගීතයේ පද පෙළ
Song Title : Nilambare Kalum Piri Sara Sanda Wage (නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ)
ගායනය : ෆිල්ක්ස් ඇන්ටන්, රුක්මණී දේවි
තනුව : ස්ටැන්ලි පීරිස්
පද : ලීනස් මෙන්ඩිස් පියතුමා


නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ
මගේ හදේ සදා රැඳී ඉන්න ප්‍රිය ළදේ
නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ
ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ

මියුරු තෙපුල් පවසා මා හද සනසනු මැන
සිරිකත මෙන් මගෙ පැළ තුළ රැ‍ඳෙන්න පියබඳ
සිත සහනය මිහිර මවා එන්නෙමි ඔබ වෙතේ
ඔබේ හදට ආලෝකය දෙන්නෙමි හැම වෙලේ

නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ
මගේ හදේ සදා රැඳී ඉන්න ප්‍රිය ළදේ
නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ
ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ

දිවිය සුවඳ මලින් පිරුණු සුව යහනක් නොවේ
හිරිහැර මැද කඳුළ සුසුම ඇතිවිය හැක ලොවේ
ඒ හැමටම මුහුණ දෙන්න සිතේ දිරිය ඇතේ
පැමිණෙන දුක සැප එකලෙස විඳගමි ජීවිතේ

නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ
මගේ හදේ සදා රැඳී ඉන්න ප්‍රිය ළදේ
නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ
ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment