Raa Tharakawo Baluwa Ebi Song Lyrics - රෑ තාරකාවෝ බැලුවා එබී ගීතයේ පද පෙළ

Raa Tharakawo Baluwa Ebi Song Lyrics - රෑ තාරකාවෝ බැලුවා එබී ගීතයේ පද පෙළ
Song Title : Raa Tharakawo Baluwa Ebi (රෑ තාරකාවෝ බැලුවා එබී)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : රූකාන්ත ගුණතිලක


රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා //

කඳුලැල් සලාලා නොහඬන් ළඳේ
මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ
ආශා විශාලයි ඉවසීම හීනයි
දෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේ

රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා //

හඳුණන්නෙදෝ ඔබ මාගේ සෙනේ
ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ
හදවත කොනේ මා කඳුලක් තියෙනවා
කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ

රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment