Suwanda Rosa Mal Nela Song Lyrics - සුවඳ රෝස මල් නෙලා ගීතයේ පද පෙළ

Suwanda Rosa Mal Nela Song Lyrics - සුවඳ රෝස මල් නෙලා ගීතයේ පද පෙළ
Song Title : Suwanda Rosa Mal Nela (සුවඳ රෝස මල් නෙලා)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
සංගීතය : බී. එස්. පෙරේරා
පද : ආර්.එන්.එච්. පෙරේරා


සුවඳ රෝස මල් නෙලා
මාල ගොතාලා
ගෙලේ දමා ඉහේ ඔතා
සිරස සදාලා //

ඈත සීනියා
පිච්ච ඩේලියා
බලා නෙළා ගනිමි මෙමා
උයනෙ සරාලා

මාල ගොතාලා
ගීත ගයාලා //
තබා පතුල් රඟන රඟා
බලමු සියල්ලා

මිහිරි ගීත ගය ගයා
පේළි සැදීලා
සිනා පපා වටේ යතා
නටති සිනා ලා
බාල වූ ළමා
සදති මල් දමා
දෙපා පදින් පදට තබා
කිකිණි සලාලා

දෑත නගාලා
නේත්‍ර විදාලා //
නමා කමල් පැදෙති සුරල්
රඟ පරදාලා

සුවඳ රෝස මල් නෙලා
මාල ගොතාලා
ගෙලේ දමා ඉහේ ඔතා
සිරස සදාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment