Piyumehi Pani Bothi Wana Bambaru Song Lyrics - පියුමෙහි පැණි බොති වන බඹරු ගීතයේ පද පෙළ

Piyumehi Pani Bothi Wana Bambaru Song Lyrics - පියුමෙහි පැණි බොති වන බඹරු ගීතයේ පද පෙළ
Song Title : Piyumehi Pani Bothi Wana Bambaru (පියුමෙහි පැණි බොති වන බඹරු)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
තනුව : සී.ටී. ප්‍රනාන්දු
ගී පද : කරුණාරත්න අබේසේකර


පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු

කුසගිනි හැදුනට ඉඳල් නොකව්
කණකොළ නොබුදිති සිංහ පැටව් //
හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
තල තෙල් නොදමයි රන් බඳුණේ //

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු

ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කළු කපුටා //
සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳියි ගිරවියගෙ කරේ

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment