Pera Sansare Song Lyrics - පෙර සංසාරේ ගීතයේ පද පෙළ

Pera Sansare Song Lyrics - පෙර සංසාරේ ගීතයේ පද පෙළ
Song Title : Pera Sansare (පෙර සංසාරේ)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ
මේ සංසාරේ හමුවූයේ
කොහි සිට මේ ලෙස ආවාදෝ ඔබ
තනිකම මා සිත දවන වෙලේ
තනිකම මා සිත දවන වෙලේ

සිතුවිල්ලක්වී සැරිසරනු එපා
හදවත ගැස්සෙයි උදේ හවා
සෙවනැල්ලක් වී ඔබ පෙනෙනු එපා
නෙත නිදි නොලබයි රැයම පුරා
නෙත නිදි නොලබයි රැයම පුරා

පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ
මේ සංසාරේ හමුවූයේ
කොහි සිට මේ ලෙස ආවාදෝ ඔබ
තනිකම මා සිත දවන වෙලේ
තනිකම මා සිත දවන වෙලේ

දේදුන්නක් සේ නෙත නෙත පිනවනවා
වැහිබර අහසට මුවා වෙලා
පවනැල්ලක්වී ඔබ දැවටෙනවා
සිත්මල් පෙති මත පිණි ඉසලා
සිත්මල් පෙති මත පිණි ඉසලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment