Parama Ramani Ape Ale Song Lyrics - පරම රමණී අපේ ආලේ ගීතයේ පද පෙළ

Parama Ramani Ape Ale Song Lyrics - පරම රමණී අපේ ආලේ ගීතයේ පද පෙළ
Song Title : Parama Ramani Ape Ale (පරම රමණී අපේ ආලේ)
ගායනය : මොහිදීන් බෙග්, රුක්මණී දේවී
සංගීතය : ආර්. මුත්තුසාමි
පද : ඩබ්ලිව්.බෙනඩික්ට් ප්‍රනාන්දු
නළඟන චිත්‍රපටියෙන්


පරම රමණී අපේ ආලේ
සදාකල් සැපත වී මූලේ
සමාජේ රුදුරු කාන්තාරේ
කොහේ අපි යමුද නොම තේරේ //
පරම රමණී

කිමද වෙන්නේ අනේ නොදැනේ
මෙයින් මතුදා //
විදුලි හෙණ සැඩ සුළං නොමැති
තැනක ඒ මල් ගසක් මුදුනේ
තනාගමු ප්‍රේම කූඩු අපි

පරම රමණී අපේ ආලේ
සදාකල් සැපත වී මූලේ
සමාජේ රුදුරු කාන්තාරේ
කොහේ අපි යමුද නොම තේරේ

මෙ ලෝකේ මාගෙ දිවි හින්දා
ඔබයි මා ප්‍රේමයේ සුහදා //
හිතුවෙදෝ මා කෙසේ ආශා

දිලේ අර තාරකා චන්ද්‍රා
අපේ පෙම් මන්දිරේ සරසා

පරම රමණී අපේ ආලේ
සදාකල් සැපත වී මූලේ
සමාජේ රුදුරු කාන්තාරේ
කොහේ අපි යමුද නොම තේරේ
පරම රමණී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment