Anna Sudo Ara Pata Wala Song Lyrics - අන්න සුදෝ අර පාට වලා ගීතයේ පද පෙළ

Anna Sudo Ara Pata Wala Song Lyrics - අන්න සුදෝ අර පාට වලා ගීතයේ පද පෙළ
Song Title : Anna Sudo Ara Pata Wala (අන්න සුදෝ අර පාට වලා)
ගායනය :රුක්මණි දේවි, මොහිදින් බෙග්
සංගීතය : ඇස්. ඇස්. වේදා
ගී පද : හර්බට් ඇම්. සෙනෙවිරත්න
“කැලෑ හඳ” (1953) චිත්‍රපටියෙන්


අන්න සුදෝ අර පාට වලා
සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ
හා... ප්‍රීතී කෙරේ
නැළවේවී ආදර සුළඟ වැදී
යස ඕලු පිපීලා නීල ජලේ
හා... නීල ජලේ

ආලෙන් මාගේ හර්දේ පිරේ
රස කෝකිල ගීතේ රාවේනී
රස කෝකිල ගීතේ රාවේනී
ගංගා ජලේ මල් පියලි වැටී
පාවේවි කෝමල තාලේනී
පාවේවි කෝමල තාලේනී

මංගල්ලෙකි අද ලෝක තලේ
පෙම් සිහින මවාවී මාගේ ළයේ
හා... මාගෙ ළයේ

පූජාසනේ මා ආදරයේහී
මාලිනියේ මා පෙම් සිහිනේ
මාලිනියේ මා පෙම් සිහිනේ
ආවේ ළයේ සැනසීම පතා මා
කීකරු ඔබ කුල භාර්යා වේ
කීකරු ඔබ කුල භාර්යා වේ

හඬ දේ හඬ දේ ඒ මාල ගිරා
ගුණ ගයමින් ඔබෙ ආකාස ගැබේ
හා... ආකාස ගැබේ

රමණී සොබා රමණී සොබා
සිරි ආනන්දේනි අද පාවේ පාවේ
ආනන්දේනි හද පිනවාලා
ඔබ මාගේ ප්‍රියාවී සසරේ පවා
ආලේ සදාකල් පවතීවා
ආලේ සදාකල් පවතීවා

සුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා
තිර ආලේ නිසා අප පූජා ප්‍රියේ
හා හා පූජා ප්‍රියේ

අන්න සුදෝ අර පාට වලා
සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ
හා... ප්‍රීතී කෙරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment