Hada Gilei Ama Mihire Song Lyrics - හද ගිලෙයි අම මිහිරේ ගීතයේ පද පෙළ

Hada Gilei Ama Mihire Song Lyrics - හද ගිලෙයි අම මිහිරේ  ගීතයේ පද පෙළ
Song Title : Hada Gilei Ama Mihire (හද ගිලෙයි අම මිහිරේ)
ගායනය : මොහිදීන් බෙග්, රුක්මණී දේවි
සංගීතය : සජාද් හුසේන්
ගී පද : ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
චිත්‍රපටිය : දෛවයෝගය (1959)


හද ගිලෙයි අම මිහිරේ
පෙම් සුවේ රස ඉතිරේ
මල් පැණි මදිරා
මී පැණි ගංගා
පෙම් සයුරට මුසුවේ
පෙම් සයුරට මුසුවේ
හද ගිලෙයි අම මිහිරේ
පෙම් සුවේ රස ඉතිරේ

වන බඹරු නොදත් නොසිතී
සමනලුන් දුටුව සිරි
රොන් ගත විහිදේ ‍
පෙම් ලිය ගොමුවේ
පොබයා මල් සිනහා
පොබයා මල් සිනහා

හද ගිලෙයි අම මිහිරේ
පෙම් සුවේ රස ඉතිරේ

පෙම් ගලා සුළඟ කැටිවී
ඇති තුරුළු වෙලා කිමිදී
කඳු ගැට මතදී
බැස යන ගඟදී
සීතල මට දැණුනා
සීතල මට දැණුනා

හද ගිලෙයි අම මිහිරේ
පෙම් සුවේ රස ඉතිරේ
මල් පැණි මදිරා
මී පැණි ගංගා
පෙම් සයුරට මුසුවේ
පෙම් සයුරට මුසුවේ

සුදු පළිඟු තලා උඩදී
සඳ කිරණ සමග මුසු වී
පෙම් රළ පතරේ
පෙණ පිඩු විසිරේ
ආදර කිරි මුහුදේ
ආදර කිරි මුහුදේ

හද ගිලෙයි අම මිහිරේ
පෙම් සුවේ රස ඉතිරේ
මල් පැණි මදිරා
මී පැණි ගංගා
පෙම් සයුරට මුසුවේ
පෙම් සයුරට මුසුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment