Oba Ma Hamuwana Song Lyrics - ඔබ මා හමුවන ගීතයේ පද පෙළ

Oba Ma Hamuwana Song Lyrics - ඔබ මා හමුවන ගීතයේ පද පෙළ
Song Title : Oba Ma Hamuwana (ඔබ මා හමුවන)
ගායනය : චාමර වීරසිංහ
තනුව : ප්‍රියන්ත නාවලගේ
පද : මහේෂ් රත්සර


ඔබ මා හමුවන - අප දොඩමළු වන
අවසන් සැන්දෑවේ...
මා ගැන මතකය - යලි මට දෙනු මැන...//
ආදරියේ මගේ....ආදරියේ මගේ...

ඔබ ගත මා වෙත - සිත ඇත වෙනතක‍
සෙනෙහස කුමටදෝ ලදේ...
මට මා නැතිකල - ඔබ ගැන ඇති මතකය සිතෙහි...
මට මා නැතිකල - ඔබ ගැන ඇති මතකය
මිහිදන් කරමි හදේ...//

ඔබ මා හමුවන - අප දොඩමළු වන
අවසන් සැන්දෑවේ...
මා ගැන මතකය - යලි මට දෙනු මැන...//
ආදරියේ මගේ....ආදරියේ මගේ...

ඔහුවෙත වූ ඔබ - මා අත් හල බව
නොකියමි කාට හෝ ලදේ...
දිවියම මගෙ හැඩකල ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි...
දිවියම මගෙ හැඩකල ඔබ හට වැඩු සෙනෙහස
කදුලකි ජීවිතේ මගේ...//

ඔබ මා හමුවන - අප දොඩමළු වන
අවසන් සැන්දෑවේ...
මා ගැන මතකය - යලි මට දෙනු මැන...//
ආදරියේ මගේ....ආදරියේ මගේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment