Mandakini (Suhubul Watha) Song Lyrics - මන්දාකිණී (සුහුබුල් වත) ගීතයේ පද පෙළ

Mandakini (Suhubul Watha) Song Lyrics - මන්දාකිණී (සුහුබුල් වත) ගීතයේ පද පෙළ
Song Title : Mandakini (Suhubul Watha) (මන්දාකිණී (සුහුබුල් වත))
ගායනය : රොමේෂ් සුගතපාල
පද රචනය : සජිත් අක්මීමණ
සංගීතය : ගයාන් රැන්ඩි පෙරේරා


සුහුබුල් වත නිකැලැල් සිඹ ගන්නෑ
රළු දෙතොලින් නම් කිසිදා...ආදරේ හන්දා..
මුතුවැල් වගේ හසරැල් පරදාවි නිල් මානෙල්
මල් සැමදා...ඔබේ රූ හන්දා..
රෑ පුරා මුළු රෑ පුරා නිදි වරා මා නිදි වරා
කල්පනා හීනයෙක තනිවුනා..

මා සිත්තම් - ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි..
මා යන්තම් - සිප ගන්නම්
තුරුලේ සඟවන් - මල් මාලිණී...
මාගේ ඒ...ඒ....ඒ...

ඇහි පිල්ලම් - ඔබ ගස්සන තාලේ..
ලොව නැහැවේ - වරු ගානින් අඳුරේ..
මුදු වදනින් - ඔබ ඇමතූ වේලේ..
හද පිපුණා - මට දැනුනා
ඔබ වෙනුවෙන් ආදරේ...

මා සිත්තම් - ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි..
මා යන්තම් - සිප ගන්නම්
තුරුලේ සඟවන් - මල් මාලිණී...
මාගේ ඒ...ඒ....ඒ...

නිල් අහසින් - බැස ආ සඳ සාවී..
විල් තෙරදි - අපි හුමුවෙමු කුමරි..
දිගු දෙනුවන් - මත මා දල්වන්නී..
සිප ගනිමි - යලි හමුවී
මතු දවසක ආදරේ...

මා සිත්තම් - ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි..
මා යන්තම් - සිප ගන්නම්
තුරුලේ සඟවන් - මල් මාලිණී...
මාගේ ඒ...ඒ....ඒ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment