Bindunu Sitha Langa Song Lyrics - බිඳුණු සිත ළඟ ගීතයේ පද පෙළ

Bindunu Sitha Langa Song Lyrics - බිඳුණු සිත ළඟ ගීතයේ පද පෙළ
Song Title : Bindunu Sitha Langa (බිඳුණු සිත ළඟ)
Artist  : Udara Kawshalya 
Lyrics : D. Sumith Thabrew
Music : Kasun Anushan
Video editor : D. Sumith Thabrew


බිඳුණු සිත ළඟ තනිවෙලා 
මා දෙනෙත් වැලපෙනා නුඹ දන්නේ නෑ වාගේ 
මගේ හිතේ තිබු සෙනෙහේ මං පැතුව ආදරේද මේ 
දෙවියන් වඳිනෙමි මා ඔබගේ නමින් මතු භවයක ඔබ මගේ වේවා කියා.....//
මතකයන් සිතේ දැවී
කඳුළක් වැටේ නෙතින් පාළු ලොවක මගේ සෙනේ 
ඔබමයි තනි කළේ සදා දුක පිරුණු ඇස්වලින් යන්නේ ඈතට 
මගෙන් වෙන් වී ඔයා මං පැතුව ආදරේද මේ 
දෙවියන් වඳිනෙමි මා ඔබගේ නමින් මතු භවයක ඔබ මගේ වේවා කියා.....//

ජීවිතේ සැමදා මගේ 
අඳුරෙන් වැසී ගෙවෙයි කෙදිනක හෝ මගේ ආදරේ 
වටහා ගනී ඔබත් ඒ වෙනකන් මං ඉවසන්නේ කොහොම ද නොයමි හැරදා ඔයා මං පැතුව ආදරේද මේ 
දෙවියන් වඳිනෙමි මා ඔබගේ නමින් මතු භවයක ඔබ මගේ වේවා කියා.....//

බිඳුණු සිත ළඟ තනිවෙලා මා දෙනෙත් වැලපෙනා.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment