Kadulu Pirila Song Lyrics - කඳුළු පිරිලා ගීතයේ පද පෙළ

Kadulu Pirila Song Lyrics - කඳුළු පිරිලා ගීතයේ පද පෙළ
Song Title : Kadulu Pirila (කඳුළු පිරිලා)
ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ
පද රචනය : කසුන් ප්‍රීමාල්
සංගීතය : සඳරුවන් ජයසිංහ


කඳුළු පිරිලා දෙනෙත තෙමිලා
සිනිදු හිත පෑරිලා..
ඔබම සොයලා රැයම ගෙවිලා
සිහින අවතැන් වෙලා..
හමුවන්න බෑ - ඔයා සැගවී මෙදා..
තනිවන්න බෑ මගේ - හුස්මත් ඔයා...

රතුපාට වෙරලේ පා පොඩි තියා
පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා..
හැබැහින්ද කිව්වේ ඔබ මගේ තමා
තාමත් අතීතේ මා නැවතිලා...

කඳුළු පිරිලා දෙනෙත තෙමිලා
සිනිදු හිත පෑරිලා..
ඔබම සොයලා රැයම ගෙවිලා
සිහින අවතැන් වෙලා..
හමුවන්න බෑ - ඔයා සැගවී මෙදා..
තනිවන්න බෑ මගේ - හුස්මත් ඔයා...

යලි නොයෙන සෙනෙහේ මඟ හමුවෙලා..
මට ගැයුව ගීතේ ඔහු හා ගයා..
හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා..
තාමත් අතීතේ මා නැවතිලා...

කඳුළු පිරිලා දෙනෙත තෙමිලා
සිනිදු හිත පෑරිලා..
ඔබම සොයලා රැයම ගෙවිලා
සිහින අවතැන් වෙලා..
හමුවන්න බෑ - ඔයා සැගවී මෙදා..
තනිවන්න බෑ මගේ - හුස්මත් ඔයා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment