Your Choice Way

Athagili Badune Ayi Me Wilasin Song Lyrics - අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් ගීතයේ පද පෙළ

Athagili Badune Ayi Me Wilasin Song Lyrics - අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් ගීතයේ පද පෙළ
Song Title : Athagili Badune Ayi Me Wilasin (අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය : එච්.එස්. පෙරේරා
තනුව හා සංගීතය : අ'නස්ට් සොයිසා


අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

ඔබ ළඟ ඉන්නට
ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට
නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

සිත සිත ඔබ ගැන
දින දින ළතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණෙ ඇයි අපි
ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
‍සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

සිතු පැතු සැම දේ
නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වෙන තුරු
යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athagili Badune Ayi Me Wilasin Song Lyrics - අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් ගීතයේ පද පෙළ Athagili Badune Ayi Me Wilasin Song Lyrics - අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, April 16, 2021 Rating: 5

0 comments:

Post a Comment