ඉපැරණි - උදයගිරි රජ මහා විහාරය ☸️🙏😇 (Udayagiri Raja Maha Viharaya)

ඉපැරණි - උදයගිරි රජ මහා විහාරය ☸️🙏😇 (Udayagiri Raja Maha Viharaya) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ සිති සුවපත් වන තවත් පැරණි විහාරයක් ගැන ඒ නමින්, උදයගිරි රජ මහා විහාරයයි.

ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රදේශයේ පිහිටි පැරණි රජ මහා විහාරයක් ලෙස මෙය සැලකෙනවා.

එය අම්පාර-මහඔය මාර්ගයේ, අම්පාර සිට කිලෝ මීටර 13ක් පමණ දුරින් තමා පිහිටා තියෙන්නේ.

විහාරය මීට වසර 1000කට පමණ පෙර ඉදිකරන ලද විහාරයක් සේ සැළකෙනවා.

එසේම පළමුවන පරාක්‍රමබාහු රජු හා සුගලා දේවිය අතර සටන සිදුවූ ස්ථානය ලෙසද මෙම විහාර පරිශ්‍රය සැළකෙනවා.

විහාරයට ප්‍රවිශ්ඨ වන ඇතුල් දොරටුව අසල ක්‍රිස්තු වර්ෂ 10වන සියවසට අයත් පැරණි ශිලා ස්ථම්භයක් දැකගත හැකි වෙනවා.

ක්‍රිස්තු වර්ෂ 903 - 914 සමයේ රජකම් කල පළමුවන උදය රජුගේ අණපරිදි, උදය, අභය යන සේනාධිපතීන් විසින් මෙම විහාරය සතු ඉඩම් වෙළෙට්ඨ (ධාන්‍ය) බද්දෙන් නිදහස් කරනු ලැබූ බව එම ශිලා ස්ථම්භයෙහි දක්වා තිබෙනවා.

කෙසේ නමුදු විහාරයේ දැකගත හැකි පෞරාණික නටඹුන් අනූව මෙම විහාරය ක්‍රිස්තු පූර්ව යුගයේ නිමවන ලද්දක් බව පුරාවිද්‍යාඥ මතය වී තිබෙනවා.

ඉතින් ඔබත් අම්පාරේ ගියවිට මේ පුදබිම වැදපුදා ගන්න අමතක කරන්න එපා.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
ඉපැරණි - උදයගිරි රජ මහා විහාරය ☸️🙏😇 (Udayagiri Raja Maha Viharaya) - Your Choice Way

ඉපැරණි - උදයගිරි රජ මහා විහාරය ☸️🙏😇 (Udayagiri Raja Maha Viharaya) - Your Choice Way

ඉපැරණි - උදයගිරි රජ මහා විහාරය ☸️🙏😇 (Udayagiri Raja Maha Viharaya) - Your Choice Way

ඉපැරණි - උදයගිරි රජ මහා විහාරය ☸️🙏😇 (Udayagiri Raja Maha Viharaya) - Your Choice Way

ඉපැරණි - උදයගිරි රජ මහා විහාරය ☸️🙏😇 (Udayagiri Raja Maha Viharaya) - Your Choice Way

ඉපැරණි - උදයගිරි රජ මහා විහාරය ☸️🙏😇 (Udayagiri Raja Maha Viharaya) - Your Choice Way

ඉපැරණි - උදයගිරි රජ මහා විහාරය ☸️🙏😇 (Udayagiri Raja Maha Viharaya) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment