සුන්දර පිදුරංගල යමු (Pidurangala)

සුන්දර පිදුරංගල යමු (Pidurangala) - Your Choice Way
පහුගිය කාලයේ සමාජ මාධ්‍ය වල පිදුරංගල කියන්නේ ලොකු මාතෘකාවක් උන දෙයක් . ඒ මොකද කියලා සමාජ මාද්‍ය භාවිතා නොකරන කෙනෙක් උනත් රූපවාහිනී , ගුවන් විදුලි , පුවත්පත් යන කුමන හෝ විද්‍යුත් මුද්‍රිත මාද්‍යකින් දැක ගන්න ඇතිනේ . 

පිදුරංගල කියන්නේ මොකද්ද ? 

පලවන කාශ්‍යප රජතුමා තම වාසභවන සීගීරිය කරගන්න කලින් එහි වැඩ වාසය කරන ලද්දේ භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා . මේ නිසා එම භික්ෂූන් වහන්සේලා සඳහා ඉදි කරපු ආරාම සංකීර්ණය තමයි පිදුරංගල කියන්නේ 

පිදූ ආරණ්‍ය ගල , පිදූ අරංගල ....ඔන්න ඔය විදිහට භාෂා ව්‍යවහාරයේ ඇවිත් අද අපි භාවිතා කරන පිදුරංගල බවට පත්වුණේ .

ඒ කියන්නේ කාශ්‍යප රජතුමාගේ දායක පන්සල . මෙහි කඳු මුදුනේ ඇති සැතපෙන පිළිමය සාදවා තිබිලා තියෙන්නේ සීගිරියේ සිංහ පාදය ළඟ ඉදන් එක එල්ලේ දර්ශනය වන විදිහට . කාෂ්‍යප රජතුමා ඒ ආකාරයට පිදුරංගලට වැදුම් පිදුම් කල බවයි ජනප්‍රවාද තොරතුරු පැවත එන්නේ . 

නිධන් හොරුන්ගේ ග්‍රහණයට කල්‍ යත්ම මේ පිළිමය ලක් වෙනවා . පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මෙම පිළිමය නැවත ප්‍රතිසංස්කරණය ට ලක් කරනවා . අද අපි දකින්නේ ඒ පිළිමයයි . 

පිදුරංගල පර්වතයේ ඉහල තියෙන බෝල ගල මොකක්ද ? 

ඇත්තෙන්ම මේක උගුල් ගලක් . සීගිරිය ආක්‍රමණය කරන්න එන සතුරන් පිළිබඳව සීගිරියේ සිටින රජතුමා දැන්වීමට මෙම ගල ස්ථාපිත කර තිබූ බවක් තමයි කියවෙන්නේ . ඈතින් සතුරන් එන විට මෙය පෙරලා සතුරන් නැසීමට උපයෝගී කරගන්නට මෙය මෙහි ගෙන ආවාදැයි සිතන්නත් පුලුවන් . 

ඒ කොයි හැටි වෙතත් මේ ගල මෙතනට ගෙනාපු විදිහ නම් අදටත් අභිරහසක් .

කොරෝනා වසංගතය ඉවර උනායින් පස්සේ , පිදුරංගල බලන්න නොගිය හැමෝම පිදුරංගල බලන්න යන්න . පිදුරංගල ගියපු අයත් මේ පෝස්ටුව කියවලා මෙහි වටිනාකම දැන ගෙන යන්න . 

එවිට කලින් වගේ අඳුරු මතක සටහන් සමාජගත වෙන එකක් නෑ . අපේ උරුමය සැමදා සුරකිමු . 

අන් අයටත් පෝස්ටුව කියවීමට share කරන්න.

උරුමයක වරුණ
සුන්දර පිදුරංගල යමු (Pidurangala) - Your Choice Way

සුන්දර පිදුරංගල යමු (Pidurangala) - Your Choice Way

සුන්දර පිදුරංගල යමු (Pidurangala) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment