සිත් සුවපත් වන - කොග්ගල තලාතුඩුව ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Koggala Thalathuduwa)

සිත් සුවපත් වන - කොග්ගල තලාතුඩුව ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Koggala Thalathuduwa) - Your Choice Way

අද අපි කතාකරන්නේ පරිසරය සුන්දරත්වය අපූරුවට විදගන්න පුලුවන් සිත් පහන් වෙන ආරණ්‍ය සේනාසනයක් ගැන...

කළපු දියෙන් වටවූ කොග්ගල තලාතුඩුව ආරණ්‍ය සේනාසනය වෙත කළපුව මැද්දෙන් වැටී ඇති පටු පාලම ඔස්සේ තමා යන්න ඕනේ...

වන අරණක් මැද්දෙන් වැටුණු පටු මාවතක් ආරණ්‍ය වෙත යන්නට පාර කියනවා...

බාර හාර වෙන්නට ගම්මුන් මෙන්ම පිට ගම දනව් නගර වාසීන් ද එන යන සුවිශේෂි තැනක් තමා මේ තලාතුඩුව ආරණ්‍ය...

හැබැයි ඔබත් මෙහි යනවා නම් මේ ආරණ්‍යයේ අභිවෘද්ධිය සදහා ඔබේ දායකත්වය දෙන්න අමතක කරන්න එපා...

මේ වන සෙනසුනේ නිත්‍ය ලෙසම යතිවරයාණන් වහන්සේලා දහසය නමක් පමණ වැඩ වාසය කරනවා...

භාවනාව මෙන්ම සිප්සතර ප්‍රගුණ කරන පරමාර්ථ ඇතිව වැඩ වෙසෙන යතිවරයාණන් වහන්සේලාද මෙහි සිටිනවා...

තවත් පැත්තකින් තලාතුඩුව ආරණ්‍ය සේනාසන දූපත යනු කඩොලාන සහ ඉතා දුර්ලභ ඔසු ශාකයන්ගෙන් සහ වඳවී යන ශාකයන්ගෙන් පිරි ජෛව විවිධත්වයෙන් පරිපූර්ණත්වයට පත් පරිසර පද්ධතියක් කිව්වොත් නිවැරදී...

වර්ෂ 1880දී ආගමික සිද්ධස්ථානයක් හා තපෝ භූමියක් ලෙස පැවති මේ ආරණ්‍ය සේනාසනය නිත්‍ය භික්ෂුන් වහන්සේලාගේ උරුමස්ථානයක් බවට පත්වූයේ වර්ෂ 1902දීයී...

තලාතුඩුව ආරණ්‍ය සේනාසන ඉතිහාස පුස්තකයේ මේ ආරණ්‍යයේ ඉතිහාස කරුණු රැසක් පෙන්නලා දෙනවා..

ඉතින් ඔබත් විඩාකාරී මානසිකත්වයෙන් මිදෙන්න සිත් පහන් කරගන්න මේ පුදබිමට යන්න...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
සිත් සුවපත් වන -  කොග්ගල තලාතුඩුව ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Koggala Thalathuduwa) - Your Choice Way

සිත් සුවපත් වන -  කොග්ගල තලාතුඩුව ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Koggala Thalathuduwa) - Your Choice Way

සිත් සුවපත් වන -  කොග්ගල තලාතුඩුව ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Koggala Thalathuduwa) - Your Choice Way

සිත් සුවපත් වන -  කොග්ගල තලාතුඩුව ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Koggala Thalathuduwa) - Your Choice Way

සිත් සුවපත් වන -  කොග්ගල තලාතුඩුව ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Koggala Thalathuduwa) - Your Choice Way

සිත් සුවපත් වන -  කොග්ගල තලාතුඩුව ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Koggala Thalathuduwa) - Your Choice Way

සිත් සුවපත් වන -  කොග්ගල තලාතුඩුව ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Koggala Thalathuduwa) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment