Dubala Eliya Athi Song Lyrics - දුබල එලිය ඇති ගීතයේ පද පෙළ

Dubala Eliya Athi Song Lyrics - දුබල එලිය ඇති ගීතයේ පද පෙළ
Song Title : Dubala Eliya Athi (දුබල එලිය ඇති)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


දුබල එලිය ඇති පුංචි කාමරේ
තනි යහනක තනි වෙලා ආදරේ
හිතේ කිසිතෙතක් නැතිව මා කෙරේ
අරන් ගියා ඔබ ඔබේ ආදරේ
මීවිතකට ලොල් වී
අපිළිවෙලයි අද මා

බැඳී වරදකට නොහික්මුණු කමින්
මගේ චපල හිත හින්දා
බැඳී වරදකට නොහික්මුණු කමින්
මගේ චපල හිත හින්දා
ඔබේ සිතේ ඔබ මා වෙනුවෙන් තැනු
අහස් මාලිගා බින්දා
අහස් මාලිගා බින්දා

මගේ සිත අවනත නොමැති කමින්
සිදුවුනේ මොනවද මන්දා
මගේ සිත අවනත නොමැති කමින්
සිදුවුනේ මොනවද මන්දා
දනී හැරෙන විට හිමිගේ හොර හිත
ඉවකින් වගේ බිරින්දා
ඉවකින් වගේ බිරින්දා

දුබල එලිය ඇති පුංචි කාමරේ
තනි යහනක තනි වෙලා ආදරේ
හිතේ කිසිතෙතක් නැතිව මා කෙරේ
අරන් ගියා ඔබ ඔබේ ආදරේ
මීවිතකට ලොල් වී
අපිළිවෙලයි අද මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment