Diwiyama Wage Diyakara Song Lyrics - දිවියම වාගේ දියකර ගීතයේ පද පෙළ

Diwiyama Wage Diyakara Song Lyrics - දිවියම වාගේ දියකර ගීතයේ පද පෙළ
Song Title : Diwiyama Wage Diyakara (දිවියම වාගේ දියකර)
ගායනය : චාමර වීරසිංහ
පද රචනය : ශෙහාන් ගලහිටියාව
සංගීතය : ප්‍රියන්ත නාවලගේ


දිවියම වාගේ දියකර ප්‍රාණේ..
දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි..
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ..
දෙවියොත් මගෙ ආදර තාත්තයි..

පපු ගැබිනා දරු පෙමිනා
උතුරණ තාත්තා..
බිම වැටිලා වදිනෙමි මා
මගෙ බුදු තාත්තා...//

දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන් දී ඔබේ..
දරුවන් නිසා විදිනා සොවේ..
දෙවියන් ද පුදුමෙන් සැලේ..
මේ සංසාරේ පිං වැස්සාවේ
වදිමී සැමදා රජුනේ...

පපු ගැබිනා දරු පෙමිනා
උතුරණ තාත්තා..
බිම වැටිලා වදිනෙමි මා
මගෙ බුදු තාත්තා...//

සිතුසේ නොබී සිතුසේ නොකා
දරුවන්ට දුන්නා සුවේ..
බෝසත් ගුණේ පුරනා නිසා..
නිවනින්ම සැනසුම් ලැබේ..
මේ සංසාරේ පිං වැස්සාවේ
වදිමී සැමදා රජුනේ...

දිවියම වාගේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment