Bala Imi Song Lyrics - බලා ඉමි ගීතයේ පද පෙළ

Bala Imi Song Lyrics - බලා ඉමි ගීතයේ පද පෙළ
Song Title : Bala Imi (බලා ඉමි)
Lyrics : Thath Sarani


දෙනෙත් යුග අයාගෙන
බලා ඉමි දුර ඇත
පෙනෙන තුරු මගේ නෙතට
ඔබේ දසුන මොහොතකින්..
දෙසවනට නැති මුත්
ඔබ ලගම එන බව
හදවතට ඇහෙනවා...

දසදහස් දෙනෙකු මට
ඔබ නේන බව යලිත්
කියනමුත් කොදුරලා
ඔබේ සුවඳ මගේ හිතට
හොද හැටි දැනෙනවා..
දෙනෙත් මගේ රිදෙන තුරු
බලා ඉමි සදහට
හෙට දිනේ කවද හෝ
අඳ වෙලා ගියොත් නෙත්
ඔබේ සුවඳ මගේ ලගින්
දැනෙන තුරු සිටිනවා
නැතිනම් දිනෙක ඔබ
මා ලගට පැමිණෙනා හඩ මගේ
දෙසවනට අසෙනතුරු
සවන් යොමා සිටිනවා..
අද නැතත් හෙට දිනේ
අවසන් මොහොතේ හෝ
ඔබ මා බලන්නට
එන බව දන්නවා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment