කොහිල කැඳ හදමු (Kohila Kada)

කොහිල කැඳ හදමු (Kohila Kada) - Your Choice Way
කොහිල කොළ කැඳකොළ කැඳ කියන්නේ, ඈත අතීතයේ ඉදන්ම අපේ රටේ කෑම වේලවල් වලට එක්කර ගත් කෑම වට්ටෝරුවක්. ඒ වගේම කොළ කැඳ කියන්නේ ගොඩක් හොඳ ඔසු පැනක්. ගොඩක් වෙලාවට මේ කොළ කැඳ අපි ආහාරයට එක් කර ගන්නේ උදෑසන ආහාර වේලටයි. ඔයාලා දන්නවනේ කොළ කැඳ වර්ග ගොඩක් තියෙනවා කියලා. ඒ වගේම ඒ හැම එකකටම සුවිශේෂී වූ "රෝග සුව කිරීමේ" හැකියාවක් තියෙනවා.

ඉතින් අද අපි කියන්නේ යන්නේ, මේ කොළ කැඳ වර්ග අතරින් එක් වර්ගයක් ගැනයි. ඔයාටත් ඉක්මනට තරහ යනවද? එහෙමත් නැත්නම් ඔයාගේ ගෙදර කවුරු හරි ඉන්නවද ගොඩක් තරහ යන? එහෙමත් නැත්නම් අර්ශස් රෝගයෙන් දුක් විදිනවද? මේ වගේ අයට හොඳ කොළ කැඳ වර්ගයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒ තමා "කොහිල කොළ කැඳ". කොහිල ශීත ගුණයෙන් යුක්ත වර්ගයක්. අර්ශස්, මළ බද්ධයට, දියවැඩියාවට මේක හොඳ ඔසුවක්. දැන් අපි බලමු කොහොමද මේ "කොහිල කොළ කැඳ" හදා ගන්නේ කියලා.

✅ අවශ්ය දෑ :

  • පොතු සුද්ද කර ගත් කොහිල අල - 250g ක්
  • නිවුඩු කැකුළු හාල් -150g
  • ගා ගත් පොල් (අවශ්‍ය පමණට)
  • සුදු ලුණු - බික් 2ක්
  • රතුළුණු - ගෙඩි 4
  • කරපිංචා - ඉති 4ක් පමණ
  • ඉඟුරු (අවශ්‍ය පමණට)
  • ලුණු (අවශ්‍ය පමණට)

✅ සාදා ගන්නා අයුරු :

  1. මුලින්ම කොහිල අල කුඩා කැබලි වලට කපන්න. ගා ගත් පොල් ද, කරපිංචා ද එක්කර හොදින් කොටා මිරිකා, ඒ යුෂ ඔයාගේ පසෙකින් තබා ගන්න. 
  2. ඉන්පසු, සහල් හොදින් සෝදා අවශ්‍ය පමණට වතුර දමා, සුදු ලුණු, රතුළුණු හා ඉගුරු ද එකතු කර ලිපේ තබන්න. 
  3. බත හොදින් ඉදුණු පසු,අර කොහිල යුෂ (කොහිල අල මිශ්‍රණය) එයට දමා, ලුණු ද එක් කර එය ලිප තබන්න. 
  4. මේ මිශ්‍රණය හොදින් නටවා ලිපෙන් බා ගන්න.

බලන්න එච්චර අමාරු නෑ නේද හදා ගන්න? ඉතින් තවත් තරහ නොගෙන මේ වගේ "කොහිල කොළ කැඳ" බොන්න පුරුදු වන්න....
කොහිල කැඳ හදමු (Kohila Kada) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment