Punchi Doni Tharaha Wela Song Lyrics - පුංචි දෝනි තරහා වෙලා ගීතයේ පද පෙළ

Punchi Doni Tharaha Wela Song Lyrics - පුංචි දෝනි තරහා වෙලා ගීතයේ පද පෙළ
Song Title : Punchi Doni Tharaha Wela (පුංචි දෝනි තරහා වෙලා)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

එන්න එන්න අම්මිගේ බඩ ලොකු උනා
මාව ළඟට කරගෙන ඈ හිනැහුනා
මල්ලි බබෙක් එක්කං එනවා කිව්වා
එදා මගේ හිත සතුටින් හිනැහුනා

මල්ලි එක්ක මම සෙල්ලං කරන හැටී
හීනෙන් දැක්කේ මගෙ කොන්ඩෙන් අදින හැටි
තුරුල් කරන් මල්ලිව මා නිදන හැටී
හිතමින් හිටියේ මම මල්ලිව ගේන හැටි

දවසක් අම්මි මහ හයියෙන් කෑ ගැහුවා
ඉස්පිරිතාලෙ එක්කන් යන්නට වූවා
මල්ලි බබා එලියට එන බව කිව්වා
ඉවසුම් නැතුව මගෙ හදවත කෑ ගැහුවා

මල්ලිව ගෙදර එක්කන් ආවේ අම්මි
නිතරම හුරතලේ මල්ලිව අපෙ අම්මි
මාව ළඟට ගන්නෙම නෑ අපෙ අම්මි
චූටි දෝනි අමතකදෝ මගෙ අම්මි

බලන් හිටියේ ඉවසන් මම ටික දවසක්
හරියන්නෑ මල්ලිවනම් කොහොමටවත්
අම්මිත් තුරුලු කරගෙන මල්ලිව විතරක්
උම්මා දෙන්නේ මල්ලිට නෑ මට විතරක්

බලන් ඉන්න බැරිම තැනයි කෑ ගැහුවේ
වලියක් නම් අදිනවමයි මෙදා සැරේ
මල්ලිව එපාමයි කියලා කියපු වෙලේ
අම්මි හිනැහුනේ මට විහිලුවට වගේ..

දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment