Patali Patali Song Lyrics - පැටැලි පැටැලී ගීතයේ පද පෙළ

Patali Patali Song Lyrics - පැටැලි පැටැලී ගීතයේ පද පෙළ
Song Title : Patali Patali (පැටැලි පැටැලී)
Lyrics : Malshi Senadheera (මල්ෂි සේනාධීර)

පැටැලි පැටැලී මධුවිතක තොල 
විරහවක සෝ ගිනි නිවා....
මොහොතකට අමතක කරන හද සොව
තුරුණු මල්විය තල තලා....

උන්නදා පපු කුහර සිඹ සිඹ
කුලුදුලේ පෙම් රස මවා
යන්න ගියදා සුභ පැතුම් මිස
යව්වනය කිම මියැදිලා .........

මහමැදුරු පැල්පතක දුක කිව්
මදුවිතක් ළඟ දණ නමා
එපා ලතැවුල් ලසෝ හදගිනි
උන්ගෙ ලෝකය දව දවා....

අහවරව වැඩ සැදෑ යාමේ
ගතේ පීඩා නිව නිවා
සැමට පළමුව නුබේ සියොලග 
මීවිතක රස පැටලිලා...

වරක් සිහියෙන් ගොහින් හණිකට
අසාපන් ගොස් නුබේ  මැණිකෙට 
වෙහෙසයිද කොපමණ කියා....

යස අයස  දුක සැපකි දිවි මග
ඉවසමින් දිවි පසු නොබා
එපා සකි සද වෙන්ව යනු නුඹ 
අවන්හල හිත දුර යවා....

බලන් ඇස් හැර..සිතන් මනකල
විදින ලැතැවුල්  විඩාපත් කළ
විදින විදවන ජීවිතේ මැද
ගැහැණු ඇත හැම මියැදිලා....

 මල්❤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment