Nube Denathin Song Lyrics - නුබේ දෙනෙතින් ගීතයේ පද පෙළ

Nube Denathin Song Lyrics - නුබේ දෙනෙතින් ගීතයේ පද පෙළ
Song Title : Nube Denathin (නුබේ දෙනෙතින්)
Lyrics : Malshi Senadheera (මල්ෂි සේනාධීර)

නුබේ දෙනෙතින් බලා හෙට ලොව
මිය නොයන සේ දිවි වසත් කළ
සැරිසරන්නට මග කියාදුන්
පාර කියනා බට තරුව වී
රැදී උන්නා සිත් ඉමේ නුඹ ...

දරාගෙන හද මඩල මත
සෙනෙහසේ මහ වරුසාව මැද
දෙනෙත් සේ නුඹ ,සුරකිමින් අප
හදේ සන්තක නොනිමි සෙනෙහස 
මහාමෙර වන් පියෙකුගේ හද.........

නොසෙල් වී හිද මහ පොළොව සේ ඔබ
අප නමින් හෙලු දාහ වරුෂා 
තැබූවේ මහ තුමුල ගිරි හිස........

දුක සැපද සම සිත් දරා හිද
නිහඩවම ගොලු මුනිවතින් නුඹ 
කියාදුන් මහ ප්‍රේමයේ අරුතය........

කොයිබින්ද තව අටුවා ටීකා උපහැර
නුබේ හද පිරි පිය සෙනේහෙට ...
පන්හිදක කවිකම් කරන්නට
හෝඩියේ තව අකුරු මදි මට...

නුබෙන් ලද  පිය  සෙනේහේ මැද
විඩාපත්දා ජීවිතේ මග
සෙවනැල්ල වුව හැර යනෙන විට
නැගිටින්න සිත්මලට දිරිදුන්
දයාබර පියතුමන් නුඹ මය.........

පහන් වේවා .....! සියලු පැතුමන්
නිදුකින්ම සතුටින් ගෙවනු මැන
"පිය දෙවිද" වැජඹෙන්න බෝ කල
එයයි හදවත ගැහෙන රාවය
පියාණෙනි හදවතේ සුපැතුම ..

මල්❤
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment