Nuwara Song Lyrics - නුවර ගීතයේ පද පෙළ

Nuwara Song Lyrics - නුවර ගීතයේ පද පෙළ
Song Title : Nuwara (නුවර)
Lyrics : Kaushalya Sewwandi (කෞෂල්‍යයා සෙව්වන්දි)

ආයෙමත් නුඹෙ අතින් අල්ලන්
යන්න ඇත්නම් එකලට
කවමදාවත් අත්හරින්නට
නොහිත ඉන්නවා සුදු අත
අපි අපිව හෙව් වැව් රවුම ළග
තාම ඇත්නම් මතකය
යන්න එනවද මාත් එක්කලා 
දුවලා එන්නට නුවරට...

අපි අපේ නොවුනත් අද 
අතීතෙම නුඹ මං ළග
දැවටි දැවටී කිව්ව පෙම්බස්
මතක තියෙනවා හිත ළග 
ගලා යන වැව් ජලයට
හැකී නම් පද ගෙතුමට
ගහන රැලි එක දෙකක් ගානෙම
කියයි අපි ගැන තාලෙට...

නුඹව මට හිමි නැති කල
කුමක් කියනුද සුළගට
කොහොම කිව්වත් මම තව
අහස කිව්වෙ ම නුඹ ගැන
අපි අපේ වුන හවසක
ගියපු හැටි එක කුඩයක
අදත් දැකලා තිබුණ අහසම
මං නැතුව නුඹ එතනම....

KS

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment