Miya Giya Jack Song Lyrics - මිය ගිය ජැක් ගීතයේ පද පෙළ

Miya Giya Jack Song Lyrics - මිය ගිය ජැක් ගීතයේ පද පෙළ
Song Title : Miya Giya Jack (මිය ගිය ජැක්)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

ලෑලි ගෙදර පුංචි පැලේ හිටපු මට 
ආසාවට ගියේ ටයිටැනික් දකින්නට
යාලුවො සමග මා තැබු ඒ ඔට්ටුවට
දිනුම ලැබුනේ මට මගෙ වාසනාවට

නැවේ තිබුන සැප කාමර නිමක් නැති
මින් කිසිදා ජීවිතේට දැකලා නැති
ජීවිතයේ කිසිමදාක නැගලා නැති
නැවටගොඩ උනේ පිනටම වෙන්න ඇති

සගයා සමග නැව සැම තැන ඇවිද්දේ
ලස්සන ළඳක් මගෙ හද තුල ඇවිද්දේ
දෙව් දූවරුන් පරදන සිරුරකි ඈ ලද්දේ
රෝස් තමයි මගේ හද උදුරා ගත්තේ

කෙමෙන් කෙමෙන් අප හදවත් ලං වූයේ
රෝස් මගේ හදවත තුල සිර වූයේ
ආලය කෙමෙන් දලුලාලා ලියලූයේ
නැවේ සැමට අප ආලය සැගවූයේ

රෑ බෝ වෙලා ඇත සැමදෙන මර නින්දේ
අයිස් කුට්ටියේ නැව සිරවී මහ යුද්ධේ
කලබල වෙලා මිනිසුන් සැම නිදැල්ලේ
කෑ ගසමින් හඬයි බේරෙන්නට යුද්ධේ

කෙමෙන් කෙමෙන් මුහුදු පතුල සිප ගන්නා
නැවේ සිටිය බෝ දෙන ඉන් පැන ගන්නා
රෝස් ජැක්ව බේරා ගන්නට එන්නා
අවසන රෝස් බේරීලා තනි වෙන්නා

චාරිකාව පටන් ගත්තු ටයිටැනික්
අප සැම මුහුදට ගෙනිච්ච ටයිටැනික්
රෝස්ව මට මුන ගැස්වූ ටයිටැනික්
ආදරනීය මතකය ඔබ ටයිටැනික්

දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment