Duka Song Lyrics - දුක ගීතයේ පද පෙළ

Duka Song Lyrics - දුක ගීතයේ පද පෙළ
Song Title : Duka (දුක)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)

මේ ඇස්වලට අඬන්න
තව කඳුලු බිඳු එවන්න
මේ හිතට දුක හිතෙන්න
තව දුක සොයා එවන්න.....

සිත වියරැ වී ගලා වී
මහවැලිය විලස ඒවී
ගහකොලද බිම දමාවී
සුලු සුලඟ වී හමාවී
ඔබ මසිත ගිනි තබන්නේ
හදවතම අලුව යන්නේ......

අත් ඇඟිලි මුදා දමලා
පිටවෙන්න හිතට හිතිලා
සිත වියරැ වී තැවෙන්නේ
වෙන් වෙන්න බෑ කියන්නේ
ඔබ මසිත ගිනි තබන්නේ
හදවතම අලුව යන්නේ......

ඔබ කොඳුරනා කතාවේ
සිත නලවනා ලතාවේ
දුක නැතිවෙනා රටාවේ
නව ගීතයක් විලාසේ
ඔබ මසිත සනසවන්නේ
හදවතට සුව දැනෙන්නේ......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment