Hiru Deneth Boda Song Lyrics - හිරු දෙනෙත් බොඳ ගීතයේ පද පෙළ

Hiru Deneth Boda Song Lyrics - හිරු දෙනෙත් බොඳ ගීතයේ පද පෙළ
Song Title : Hiru Deneth Boda (හිරු දෙනෙත් බොඳ)
Lyrics : Sudanthi Anuruddhika (සුදන්ති අනුරුද්ධිකා)

හිරු දෙනෙත් බොඳ වේවි කළුවරේ හඬනකොට
වැහි කඳුළු සිත් අහස දෙපලු කර සැලෙනකොට
වලාකුළු සයන දුක් සීතලෙන් ගැහෙනකොට 
මිහි කොපුල් දිය වේවි ලතැවුලෙන් තැවෙනකොට

සිනා මල් සෙවිලි කල සතුටු මැදුරට වෙලා
කඳුළු වැසි නොපෙනෙන්න කවුළු දොරගුළු ලලා
සෙනෙහසෙන් කෙලි දෙලෙන් වියපු සළු පිලි වෙලා
සිටින නුඹටත් අපේ මතක අමතක වෙලා,,

තුරු ලතා පවා වැසි දිය අරන් හිනැහෙද්දී
පිරුණු ගං විල් ඉවුරු සොම්නසින් ඉතිරෙද්දී
මිහි ලයේ ලතැවිල්ල දිය මතද ඇවිලෙද්දී
කියන්නද මන් කොහොම නුඹටවත් නොදැනෙද්දී,,

උනන උණු වැහි කඳුළු නුඹ නිසා තරු නෙතින්
මගේ නෙතු කෙවෙනි යට සඟව ගත්තෙමි තදින්
ඒ කඳුළු මතු දිනෙක ගිලිහෙනා විට නෙතින්
සුළඟක්ව නුඹ යාවි තනිව පිසලමි ඉතින්,,,

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment