Hirimal Wiya Nura Song Lyrics - හිරිමල් විය නුරා ගීතයේ පද පෙළ

Hirimal Wiya Nura Song Lyrics - හිරිමල් විය නුරා ගීතයේ පද පෙළ
Song Title : Hirimal Wiya Nura (හිරිමල් විය නුරා)
Lyrics : Malshi Senadheera (මල්ෂි සේනාධීර)

හිරිමල් විය නුරා සලෙක උකසට තැබු යුවතී
සළෙල ඇසක් ඉගිමරවා පනම් සෙවූ සොදුරී
ළමැද රිදුම් සගවාගෙන දුක ඉහිලු පතිනී
උගසට තැබු ප්‍රේමය යලි බේරා ගනු බැරිවී

ප්‍රේමය නැති ප්‍රේමය කට ලෝල බැදන් කුමරී
අසම්මතේ මිරිගුවකින් ප්‍රේමය යැයි රැවටී
මුවැත්තියක සේ දුවමින් නැවතුම් නැති ලැතැවී
කිරි සුවදින් මිදෙනු කිමැයි මාපිය පෙම මදිවී

වත්සුණු තවරා වතමත නෙක සලු පිළි දවටා
නුරා දෙතොල්  සරෙකින් හිරි කෝල රටා  විදහා 
අනග රැගුම් නාරි ලතා සියොළග දඟ කෙරුවා
බඹර පහස විදිමින් නාරී  බඹසර  ඉකිබින්දා
  

තිසර ළමැද තුඩු සළිතව මුකුලිත වී ඉපිළී
හිසර වෙසින් අනුරාගික හැගුම් වැලෙක දැවටී
කෝපි මලක මුදු සුවදක් පෑල දොරින් පිටවී
පතිවත දෙව්කුමරිය අද අවරහිරේ වැලපී

බුදුවන්නට පෙරුම් පුරන මව් ඇකයෙන් පිටවී
ගැරහුම් දී පිය සෙනෙහෙට නෙත් යට හුන් දුවනී
ආලය ළඟ රාගය ගිනි බුරමින් හද දැවුනී
සළෙල හිතක් ළඟ යව්වන සදරැස් ඇත මියැදී

මල්❤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment