Paluwa Song Lyrics - පාලුව ගීතයේ පද පෙළ

Paluwa Song Lyrics - පාලුව ගීතයේ පද පෙළ
Song Title : Paluwa (පාලුව)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)

යාන්තමට තාමත් 
රස්නෙ දෙන
වෙරල වැලි තලාවේ මම
ඒ හීනී වැලි අවුස්සා 
පය තබමි
වෙරල ඒ අතට මේ අතට
රත්තරං පාට අහසේ
අලු පාට වලාකුලු පාවෙලා
කාන්සිය මගේ හිතේ වැඩි කලා....
රත්තරං පාට හිරැ බැබලිලා

කියන්නේ දුකක්දැයි නොතේරේ...
තනිවෙලා මේ කතරේ
කවුරැවත් නැ..අද වෙරලේ...
පාලුවට ගිය හිස් ඔරැ කඳන් මිස
ඉරිගිය මාදැල්..කැඩුනු 
හබල් ලී
මට ගෙනා පාලුවම 
වෙරලටත් ගෙනල්ලා...
හිටියාට හිත ඇතුලේ 
තෙරපිලා..හදවතේ පතුලේම
සිරවෙලා...

ලඟින් නැති නිසා ඔබ
මොනතරම් පාලුයිද 
මේ හිතට....
අනේ මේ සිහිල් නල
ඇයි මේතරම් දුක
කෝ සිසිල නැද්ද මට........
දුකක් විතරක්ම දෙන
මේ නපුරැ ගොෂාව
නවත්තනු මැන සයුර.....
ආත්මය කිලිපොලා යන
ඔබේ සුමියුරැ වදන්
ඇහෙන්නේ නැති දාට
මැරෙන්නට හිතේ මට......
කොයිතරම් නිසසලව
ඇතත් මා මතුපිටින්
මගේ හද වෙව්ලවයි
කඳුලු ඒ බව දනියි.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment