ජින්ජර් බියර් 🎉🍹🍺 ( Ginger Beer )

ජින්ජර් බියර් 🎉🍹🍺 ( Ginger Beer ) - Your Choice Way
ජින්ජර් බියර් ගෙදර හදමු.හරිම පහසුයි.

✅ අවශ්‍ය වෙන්නේ :

  • ඉගුරු 100g
  • ලොකු දෙහි ගෙඩි 2ක් 
  • සීනි 375gක්
  • වතුර කෝප්ප 3/4ක්
  • කුරුදු පොතු කැබැල්ලක් 
  • කරාබු නැටි 2ක් හෝ 3ක්
  • සෝඩා වතුර 1lක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම ඉගුරු ටික පොතු ඉවත් කර පිරිසිදු කරගන්න.
  2. ඉන් පසු පොඩි පොඩි කැබලි කපලා බ්ලෙන්ඩර් කප් එකට දාලා ඉගුරු ටික ටිකක් වැහෙන තරම් වතුර දාගෙන හොදට බ්ලෙන්ඩ් කරගන්න.
  3. වෙනම භාජනයකට මේ ඉගුරු ඉස්ම පෙරෙනයකින් පෙරාගෙන වතුර මේස හැදි 2ක් 3ක් දාලා නැවත ඉගුරු ටික බ්ලෙන්ඩ් කරගෙන කලින් භාජනයටම පෙරාගෙන දාගන්න.
  4. දැන් ඒ ඉගුරු ඉස්ම ටික වහලා පැය බාගයක් තියන්න.ඒ අතරතුර සීනි ටික දිය කරගන්න භාජනයක් ලිප තියා ඒකට සීනි ටික හා වතුර කෝප්ප 3/4 දාලා කලවම් කරගන්න.
  5. ඒකටම කුරුදු පොතු හා කරාබු නැටි ටික දාලා මද ගින්දරේ කලවම් කරමින් සීනි ටික දිය කරගන්න.මේ කුරුදු හා කරාබු නැටි දාන එක අත්‍යාවශයම නැහැ.ටිකක් සැර වැඩිපුර ගන්න තමයි මේ කුරුදු පොතු හා කරාබු නැටි දාන්නේ.
  6. ඉන් පසු සීනි ටික කැරමල් කරගන් නැතුව පැනි වගේ පදමට ආවම ලිප වහලා ටිකක් නිවෙන්න තියන්න.
  7. ඉන් පසු දෙහි ගෙඩි 2ක ඉස්ම අරගෙන මේ සීනි පැනි එකටම දාලා කලවම් කරන්න.
  8. පැය බාගයකට පසු ඉගුරු ඉස්ම එක යට සුදු පාටට පිටි වගේ බැදිලා තියනවා.ඒ ටික කලවම් නොවෙන විදියට ඉගුරු ඉස්ම ටික සීනි පැනි එකට දාගන්න.මොකද ඒ ටික කලවම් වුනාම තිත්ත රසක් එනවා.
  9. පසුව මද ගින්දරේ මේ සියල්ල විනාඩි 5ක් පමණ රත් කරගෙන නිවෙන්න තියන්න.
  10. හොදින් නිවුනට පස්සේ පිරිසිදු බෝතලයකට මේ ඉගුරු මිශ්‍රණය පෙරාගෙන දාගන්න.
  11. මේ ඉගුරු සිරප් එක ෆ්‍රිජ් එකේ දාලා කැමති ඕනෑම වේලාවක අරගෙන ජින්ජර් බියර් හදාගන්න පුලුවන්.
  12. ඉගුරු සිරප් මේස හැදි 4ට සෝඩා වතුර කලවම් කරගෙන රස බලන්න.
  13. සෝඩා දැම්මාම කඩේ ජින්ජර් බියර් වගේම  ගෑස් සැරට,රසට තියනවා.
සෝඩා නැත්තන් අයිස් කැට හෝ අවශ්‍ය තරමට වතුර කලවම් කරගෙන බොන්නත් පුලුවන්.ස්වභාවික ඉගුරු වලින් ජින්ජර් බියර් හදාගෙන රස බලන්න.ස්තුති 😊

Thilini Shashikala
ජින්ජර් බියර් 🎉🍹🍺 ( Ginger Beer ) - Your Choice Way

ජින්ජර් බියර් 🎉🍹🍺 ( Ginger Beer ) - Your Choice Way

ජින්ජර් බියර් 🎉🍹🍺 ( Ginger Beer ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment