Diva Mathura Golu Wela Song Lyrics - දිව මතුර ගොලු වෙලා ගීතයේ පද පෙළ

Diva Mathura Golu Wela Song Lyrics - දිව මතුර ගොලු වෙලා ගීතයේ පද පෙළ
Song Title : Diva Mathura Golu Wela (දිව මතුර ගොලු වෙලා)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)

සඳ හෙමින් සැඟව ගිය
උදෑසන අහස මත
සුමුදු හිරැ රැස් දහර ඉතිරිලා....
ඔබේ වදනක් සොයන
සිතක් තනිවී තවම
සුසුම් හෙලමින් හිඳි
සැසලිලා......

හාත්පස මල් පිපී
සුවඳ විහිදි ගියත්
ඒ සුවඳ දැනෙන්නේ
නැති නිසා.......
කුරැල්ලන් කතාකොට
පෙම් කවක් පැවසුවත්
ඒ කවිය ඇසෙන්නේ
නැති නිසා........

බක්මහට ගතු කියන
කොහා ඇවිදින් උදේ
සොඳුරැ පනිවිඩ කියා
ගයත්දී
ඇසෙන්නේ නැති විලස
මම ඉවත බලන්නෙමි
ඇයිද සිත මේතරම්
තැවෙන්නේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment