Daase Kathawen Song Lyrics - දෑසෙ කතාවෙන් ගීතයේ පද පෙළ

Daase Kathawen Song Lyrics - දෑසෙ කතාවෙන් ගීතයේ පද පෙළ
Song Title : Daase Kathawen (දෑසෙ කතාවෙන්)
ගායනය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
සංගීතය : නිහාල් ගම්හේවා
ගී පද : බන්දුල ජයසිංහ


දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා

නිමවූ කතාවන් ගොළු වී තියේ
දෙනෙතේ මැවේ ඔබේ හසරැලි සිතේ
කඳුලක් වුණා ඔබේ
සෙනෙහේ මගේ ලොවේ

දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා

අද හෝ හෙටින් හෝ මතු කවර දා
තනි වූවොතින් ලොවේ ඔබෙ කල්පනා
පිළිගන්නෙමි සදා
මා ඔබෙම වේ එදා

දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා

පර වී ගියේ නෑ මගෙ චේතනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment